දැනට කෙටුම්පත් කරමින් පවතින නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන්නැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝග කර තිබේ.
අධ්‍යාපන ක්‍රමය ජාතික සංවර්ධන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය කොටසක් වන බැවින් වේගවත් සංවර්ධනයක් සඳහා පාසල් අධ්‍යාපනයට සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති කඩිනමින් සංශෝධනය විය යුතු බව කාරක සභාව මෙහිදී නිර්දේශ කර ඇති අතර ඒ අනුව ලබන මැයි මාසය වනවිට අදාළ වාර්තාව රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත යොමු කරන්නැයි දැනුම් දී තිබේ.
මේ අතර නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කිරීමේදී විශ්වවිද්‍යාල පද්ධතියේ සිදු වන නවක වදය තුරන් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නැයි මෙහිදී විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
කලා උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය 50%ක් ඉක්මවා තිබීම මෙහිදී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ විශේෂ අවධානයට යොමු වී ඇත.
රාජ්‍ය ගිණුම් කාරක සභාව පෙන්වාදී තිබෙන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල තුළ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසි ඉගැන්වීම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙසයි.
![]()
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...