දේශීය පුවත්

ජනාධිපතිවරයා ලෙස තමන් ගමින් ගමට යන්නේ සැබෑ ජනතා ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට බවත් දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවත් නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ ඊයේ (24) දින පැවති පොදුජන පෙරමුණ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර ඇති බවත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැති පිරිසක් ඊට පහර ගසමින් සිටින බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ, කුමන බාධක, විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අඩපණ නොකරන බවයි.

තවද වත්මන් රජයට මෙම යුගයේ ඇති වූ ගැටලුවලට නොව පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඇති කළ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති බව සිහිපත් කළ ජනාධිපතිවරයා වැඩිදුටත් සඳහන් කළේ වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිලි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර ඇති බවයි.

ඔවුන්ම ඇති කළ ගැටලු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවන බව පැවසූ ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටලුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට සිදුව ඇතැයි ද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More