ශ්රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වීම නිසා හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහි සාක්‍ෂි එකතු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට ඩොලර් මිලියන 2.8ක මුදලක් මානව හිමිකම් කවුන්සිලය විසින් වෙන්කර ඇත. මෙය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 5600 කි.
මේ සාක්‍ෂි එකතු කිරීමේ පූර්ණ බලය ඇයට ජිනීවා යෝජනාවෙන් ලැබී තිබේ.
ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයකදී ඉදිරිපත් කිරීම සඳහා එම සාක්‍ෂි සංරක්‍ෂණය කිරීමද ඇයට පැවරෙයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසූවේ වන්නි මෙහෙයුම යටතේ යුද මෙහෙයුම්වලට අදාළ චන්ද්‍රිකා ඡුායාරූප ලබාදෙන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය ඇමෙරිකානු ඇඞ්වාන්ස් ඔෆ් සයන්ස් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.
මේ හැර යුද අපරාධ සාක්‍ෂි නිරීක්‍ෂණයට නීතිවේදී කණ්ඩායමක්ද මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලයේ ස්ථාපිත කෙරේ.
යුරෝපා රටවලදි ශ‍්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගනු ලැබුවොත් ඔහුට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ මෙම නීතිවේදී කණ්ඩායමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...