අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව පරාජය කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ මහතා වගකිව යුතු බවත් ඔහු පසුගිය කාලයේදී සිදුකළ ඇතැම් ප්‍රකාශ ඇතැම් රටවල තීන්දුවලට බලපෑ බවත්ය.
විදේශ ලේකම්වරයා ඇතැම් අවස්ථාවලදී තමාගේ කාර්යභාරය ඉටුකිරීමට පෙර හදිසි වී වැට පනින බවත්, ඉන්දියාව නිශ්චිත තීරණයක් ගැනීමට පෙර ඔහු ඉන්දියාව ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවට ප්‍රකාශ කළ බවත් පෙන්වා දෙන ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ එවැනි සිදුවීම් ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස බලපෑ බවයි.
රාජ්‍යතාන්ත්‍රික කටයුතු, ජාත්‍යන්තර දේශපාලන ගනුදෙනු පිළිබඳව අත්දැකීම් බහුල පුද්ගලයෙකු විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ නම් මීට වඩා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට හැකිව තිබූ බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් සාමාජික රටවල් 14 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හරහා යෝජනාව ඉදිරිපත් පාර්ශ්වය බලාපොරොත්තු වූ ආකාරයේ සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට නොහැකි වූ බවත්, එම රටවල් සමග සමීපව කටයුතු කරමින් සබඳතා වර්ධනය කර ගැනීම ඉදිරියේදී මතුවන මෙවැනි ගැටලුවලදී වැදගත් වියහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...