ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා මාධ්‍යය සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කෙරුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් එම පොල් තෙල්වල කිසිදු ගැටලුවක් නොමැති බවට තහවුරු කිරීමෙන් පසුව බවයි.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ, මේ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ ප්‍රමිති ආයතනය හා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මැදිහත්ව බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“ පසුගිය දිනවල සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් 183,055ක් ආනයනය කර තිබෙනවා. ආනයනය කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් අපි රේගු දෙපාර්තමේන්තුවේ බහලුම් අංගනවල ත්බා ගන්නේ නැහැ. අපි එහෙම කරන්නේ මෙවැනි පොල් තෙල් වල තත්ත්වය පරීක්ෂා කිරීමට නියාමන අධිකාරීය දවස් ගණනාවක් ගත කරන නිසයි. සාමාන්‍ය ක්‍රමය ට අනුව, ආනයනය කරන ලද පොල්තෙල් ආනයනකරුවන්ගේ අංගන වලට ගෙනයාමට අවසර දෙනවා. පසුගිය මාර්තු 4 වන දින අපට දන්වා සිටියා මේ සමාගම් දෙකෙන් ආනයනය කරන ලද පොල්තෙල් ප්‍රමාණයන්වල ඇෆ්ලටොක්සින් නම් රසායන ද්‍රව්‍ය අඩංගුයි කියලා. ඒ අනුව එදිනම අපි ලිඛිතව ඒ සමාගම් දෙකට වහාම එම පොල්තෙල් ප්‍රතිඅපනයනය කරන ලෙස දන්වා සිටියා.” යනුවෙන් පැවසුවේය.
සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහාලුම් 13ක සාම්පල පරික්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණි.
එම තෙල් තොග වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන්නැයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇතැයි අනාවරණ වුණේ ඊයේ (23) දිනයේදීය.
මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසා සිටියේ මතභේදයට තුඩුදුන් එම තෙල් තොගවල සාම්පල තම ආයතනය හරහා පරික්ෂා කළ අවස්ථාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බවත් ඒ අනුව පොල් තෙල් තොගය සහිත බහාලුම් නිදහස් කළ හැකි බවට රේගුව වෙත දැනුම් දුන් බවත් ය.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පිළිකා කාරක පොල්තෙල් වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වෙළෙඳ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර වෙළෙඳපොළේ අහිතකර පොල්තෙල් ඇත්නම් පාරිභෝගිකයින්ට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය. කෙසේ නමුත් මාධ්‍යය සකච්ඡාවක් පවත්වා විෂ පොල් තෙල් වෙළෙඳ පොළට ඉදිරිපත් කළ බවට චෝදනා කළ පාර්ශව හමුවී පරීක්ෂණ කටයුතු කරගෙන යන ලෙස නිලධාරින්ට දැන්වූ බව අමාත්‍යයවරයා පවසා සිටියේය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා යනු සීනි ආනයනය සඳහා පනවා තිබූ බද්ධ ශත 25 දක්වා අඩු කර රජයට රුපියල් බිලියන 15ක් පමණ පාඩු කළ බවට චෝදනාවට ලක්වූ සතොස ආයාතනයේ හිටපු සභාපතිවරයා වන්නේය. එලෙසම එම කූට සීනි ගනුදෙනුව පිටුපස සිටි ව්‍යාපාරිකයා මෙම විෂ පොල්තෙල් ගනු දෙනුව පිටුපසද සිටින බව කියවේ.රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා මාධ්‍යය සාකච්ඡාව පුරාම විෂ පොල් ආනයනය කළ සමාගම් වල නම් සහ අදාල පුද්ගලයන්ගේ නම් මාධ්‍යයට අනාවරණය නොකිරීමට වග බලා ගත්තේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...