දේශීය පුවත්

නිල නාමය යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (23) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.

පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් ලෙස බැවින් ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන පක්ෂ ලියාපදිංචි නොකිරීමට තීරණය වූ බව ඔහු සඳහන් කළේ.

එමෙන්ම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇත්නම් ඒවා සංශෝධනය කිරීමට මෙන්ම එම පක්ෂවල ව්‍යවස්ථාවේ එවැනි වගන්ති ඇතුළත් වන්නේ නම් අදාළ දේශපාලන පක්ෂ දැනුවත් කර ඒවා සංශෝධනයට සාධාරණ කාලසීමාවක් ලබාදීමට ද මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී තීරණය වී තිබේ.
(මව් රට)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More