FoodBuzz (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙරට ක්‍රියාත්මක සිය BreadTalk අවන්හල් ජාලය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පසුගිය මාර්තු 16 දින නිවේදනය කර සිටියේය. FoodBuzz (පුද්) සමාගම යනු මෙරට ලැයිස්තුගත සමාගමක් වන RIL ප්‍රොපර්ටීස් පීඒල්සී හි පුර්ණ අනුබද්ධිත සමාගමකි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් RIL ෙප්‍රාපර්ටීස් පීඒල්සී හි ප්‍රධාන විධායක/ විධායක අධ්‍යක්ෂ එල්.කේ.ඒ.එච්. ප්‍රනාන්දු විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ එම පියවර ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බවයි.
FoodBuzz (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට උනන්දුවක් දක්වන ආයෝජකයෙකු සමඟ RIL ප්‍රොපර්ටීස් මේ වන විට සාකච්ඡා පවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම නිවේදනය නිකුත් කරන දින වන විට මෙම ව්‍යාපාරික විකිණීම සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් නිශ්චිත ගනුදෙනුවක් සිදුවන බවට සහතිකයක් නොමැති බවත් RIL ප්‍රොපර්ටීස් වැඩිදුරටත් කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...