නව ව්‍යවසායකයින් ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ ප්‍රජාවට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ සිය ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් නොමැති වීමයි. එසේම දැනටමත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින තරුණ ව්‍යවසායකයන්ට ද අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදු වේ. එම හේතුවෙන් විවිධ අවිධිමත් ක්‍රමවේද ඔස්සේ අවශ්‍ය මූල්‍ය සම්පත් සපයා ගැනීමට තරුණ ව්‍යවසායකයින් උත්සාහ දැරීම නිසා ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපාන බව පෙනී ගොස් ඇත.
සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් තරුණ සංවර්ධන අරමුදලක් ආරම්භ කිරීමට හා එම අරමුදල ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ සංවර්ධන ලොතරැයියක් ආරම්භ කිරීමට යෝජනා කර ඇත.
ඒ අනුව, එම අරමුදල පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
(දෙරණ පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...