දේශීය පුවත්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා තැබෙනු ඇති.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 පෙරවරුවේ අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සිදු කෙරෙනු ඇති.

88 හැවිරිදි අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වැඩ වාසය කළේ , ගල්කිස්ස ධර්මාපාලාරාම විහාරස්ථානයේය.

1933 ජනවාරි 26 වැනිදා ගම්පහ, කොටුගොඩදී උපන් අතිපූජ්‍ය ධම්මාවාස නාහිමියන් මූලික අධ්‍යාපනය ලැබුවේ, කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලෙනි.

15 හැවිරිදි වියේදි පැවිදි දිවියට ඇතුළත් ව අනතුරුව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා 1954 ජූලි 10 වැනිදා කළුතරදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ එතැන් පටන් සිය ශාසනික, සමාජීය මෙහෙවර තවත් පුළුල් කරමින් බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කැපවූහ.

1970 වසරේ සිට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අමරපුර නිකායේ ඉහළ තනතුරු හෙබවූ අතර, එම මාහැඟි ශාසනික මෙහෙවර අගයමින් බුරුම රජය 2007 වසරේදී උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත පදවිය පිරිනැමුවේය.

ධම්මාවාස හිමියන් අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලැබුවේ 2017 වසරේදීය.

උන්වහන්සේ ධර්මපාල වංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද , ප්‍රවචන කීර්ති ශ්‍රී, ශාසන ශෝභන ඇතුළු ගෞරව නාම රැසකින් පිදුම් ලැබූ මහතෙර නමකි.

රටවල් රැසකට ගොස් ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කළ මහා නාහිමියන් ග්‍රන්ථ 30 කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ.
(සිරස පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More