ශී‍්‍ර ලංකාවේ මුල් භාෂාව ද්‍රවිඩ භාෂාව බවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් නොවන බවටත් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් සිදු කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) දින කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
පසුගිය අගෝස්තු මස එක්තරා විද්‍යුත් මාධ්‍ය ආයතනයක පැවැති සංවාදශීලී වැඩසටහනකදී සී. වී. විග්නේෂ්වරන් මහතා පෙර කී ප‍්‍රකාශවලට අමතරව ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් වෙල්ලමුල්ලි වෛක්කාල් ග‍්‍රාමයේදී සිවිල් වැසියන් ලක්ෂයක් පමණ ඝාතනය කළ බවට මෙන්ම උතුරු පළාතේ බුද්ධ ප‍්‍රතිමා ස්ථාපනය කර දෙමළ වැසියන් යටත් කර ගැනීමට උත්සාහ දරන බවට ද ප‍්‍රකාශ සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව එහිදී අධිකරණයට පවසා සිටියේය.
එකී ප‍්‍රකාශ මගින් ජාතික සමගියට බාධාවක් සිදුවිය හැකි බව පෙන්වා දෙමින් නීතිඥ දර්ශන වේරදුවගේ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බවත් එම ප‍්‍රකාශ මගින් ලංකා දණ්ඩනීති සංග‍්‍රහය, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට ද පැමිණිලි ලැබී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
එකී ප‍්‍රකාශ අඩංගු සංස්කරණය නොකරන ලද වීඩියෝ පටය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගල මහතා එහිදී එකී විද්‍යුත් මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...