දේශීය පුවත්

සීනි බදු වංචාව පිළිබඳ වෝහාරික විගණනයක් කරණ ලෙස කුරුණෑගල දිස්ත‍්‍රික් සමගි ජන බළ වේග පාර්ළිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා ඊයේ (23) දින පාර්ළිමේන්තුව අමතා ඉල්ලා සිටියේය.

“සීනි බදු ශත 25 දක්වා අඩු කළේ ජනතාවට සහන දෙන්නනේ. ඉතිං ඒ සහනය, වාසිය ජනතාවට ලැබුණාද කියලායි අපි අහන්නේ. ඒ නිසායි අපි වෝහාරික විගණනයක් කරන්න කියන්නේ. බදු අඩු කළ පසුව මේ රටට කවුද සීනි ගෙනාවේ කියලා හොයලා බලන්න. මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් කරන්න. තමාගේ ගජ මිතුරන්ගේ සීනි නැව් ටික වරායට එනකොට මෙහෙන් බදු ටික අඩු කළා. මේ බදු අඩු කිරීමෙන් තමාගේ ගජ මිතුරන්ට ආණ්ඩුව විශාල ලාභයක් ලබා දුන්නා.”

“බඩු මිල අඩු කරන්න ගැසට් කීයක් නම් ගැහුවාද?. බඩු මිල අඩු වුණාද?. හාල්වලට කොච්චර ගැසට් ගැහුවාද?. මිල අඩු වුණාද?”.

“මේ සිංහල අවුරුද්ද කන්න වෙන්නෙත් නෑ. බඩු මිල ඉහළ ගිහින්. මොන ගැසට් ගැහුවත් බඩු මිල අඩු කරන්න බැරිවුණා. අද හාල් විතරක් නොවෙයි. සීනි මාෆියාවකුත් තිබෙනවා”.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More