සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය ඊයේ (23) මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් හෙළිදරව් කරණු ලැබුවේ ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය විසින් තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් 13ක් මේ වනවිටත් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.
මේ අතර ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියේ එම තෙල් තොග පරිභෝජනයට නුසුදුසු බැවින් වහාම ප්‍රතිඅපනයනය කරන්නැයි ආහාර ආරක්ෂණ ඒකකය දැනුම් දී තිබියදීත් මෙලෙස වෙළෙඳපොළට නිකුත් වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ, ප්‍රධාන කැඳවුම්කරු, බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියේ “අද වනවිට විෂ සහිත ආනයනික පොල්තෙල් අඩංගු බහාලුම් 20 -30කට වැඩි ප්‍රමාණයක් මුදාහැරීමට රේගු අධිකාරියට ලිපි ගොනු ඉදිරිපත් නොකර රඳවාගෙන සිටිනවා. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ කලබලය නිම වු පසු කූට උපක්‍රමයකින් අදාල බහාලුම් මුදවා ගැනීමටයි. අපි අවධාරණය කරන්නේ ආනයනකරුවන් හතර දෙනෙකුගේ ඇෆ්ලටොක්සින් අඩංගු ආනයනික පොල් තෙල් අඩංගු බහාලුම් 13ක් දැනට එළියට ගිහින් තියෙනවා. දැන් වෙළෙඳ පොලේ තිබෙන ආනයනික පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් අඩංගුද කියා පරික්ෂා කරන්නේ කවුද? කැවුම්, කොකිස් බදින්න යොදා ගන්නා පොල් තෙල්වල මේ මාරකයා සැඟවී සිටිනවා නේද ? ඒ අනුව ප්‍රමිති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව පාරිභෝගික ජනතාවට මේ තෙල්වල අඩංගු ද්‍රව්‍ය මොනවාද යන්න අනිවාර්යයෙන් දැනුම් දිය යුතුයි.” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මාධ්‍යය වෙත අදහස් දක්වමින් මතභේදයට තුඩුදී ඇති එම ආනයනික පොල් තෙල් තොග සාම්පල ආශ්‍රයෙන් සිදුකළ පර්යේෂණවලදී ඇෆ්ලටොක්සින් නමැති ප්‍රබල පිළිකා කාරකය අඩංගුව ඇතැයි තහවුරු වූ බව පවසා සිටියේය.
ඒ අනුව එම තොගයේ කිසිදු තෙල් ප්‍රමාණයක් මහජන පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහාලුම් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට හා අදාළ සමාගාම් වෙත ලිඛිතව දැනුම් දුන් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය වැඩිදුරටත් මාධ්‍යය වෙත පවසා සිටියේය.
එසේ වුවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එම තෙල් සාම්පල පිළිබඳ තම ආයතනයෙන් ද පරීක්ෂා කිරීමක් සිදුකළ ද පිළිකා කාරක අඩංගු යැයි වාර්තා නොවූ බවය.
කෙසේ වුවද තෙල් සාම්පල පිළිබඳ සිදුකෙරුණු පර්යේෂණයේ වාර්තා යළි විමර්ශනය කරන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් ආචාර්ය සිද්දිකා සේනාරත්න මහත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේය.
මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 180,000ක් පමණ වන අතර ඉන් දේශීය පොල් තෙල් නිෂ්පාදකයින් විසින් සපුරනු ලබන්නේ මෙට්‍රික් ටොන් 25,000ක පමණ ප්‍රමාණයකි.ඉතිරි මෙට්‍රික් ටොන් 155,000ක තෙල් අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන්නේ ආනයනකරුවන් විසිනි.එම ආනයනකරුවන් පිරිපහදු කළ පොල්තෙල් මෙන්ම පාම් ඔයිල් වැනි වෙනත් ආදේශක තෙල් වර්ගද මහා පරිමාණයෙන් ආනයනය කරනු ලබති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...