දේශීය පුවත්

ශී‍්‍ර ලංකා රජය හා ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (සහස‍්‍ර අභියෝග – සංස්ථා සංයුක්ත ගිවිසුම) අත්සන් නොකිරීමට රජය ස්ථිර වශයෙන්ම තීරණය කර ඇතැයි නීතිපතිවරයා පෙරේදා (22) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

සෝපා ගිවිසුම [හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම – Status of Forces Agreement (SOFA)] සම්බන්ධයෙන් රජය මේ දක්වා ස්ථිර තීරණයක් ගෙන නොමැති බවද එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසීටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

ඇක්සා ගිවිසුම [අත්පත් කර ගැනීම් හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම – Acquisition and Cross Servicing Agreement (ACSA)] මේ වනවිටත් රජය විසින් අත්සන් කර ඇති බැවින් එය ඉදිරියට පවත්වාගෙන යෑම සිදුවනු ඇතැයිද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නාය.

එකී ගිවිසුම් අත්සන් කළහොත් රටේ ස්වෛරීභාවයට හා ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් එල්ල විය හැකි බැවින් ඒවා අත්සන් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අඟුලූගල්ලේ ජිනානන්ද හිමියන්, නීතිඥ දර්ශන වේරදුවගේ හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම පෙත්සම් ගොනු කර තිබිණි.
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More