පුරවැසි කොලම

අප තවමත් වෙසෙන්නේ කොරෝනා වසංගතයත් සමගිනි. ඒ සඳහා එන්නත් ලබාදීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක වුවද මුළුමනින්ම අදාළ පුද්ගලයන් සඳහා එන්නත් ලබාදීමක් සිදුනොවේ. දැනට එන්නත් කි‍්‍රයාවලිය සිදුවන්නේ ඉලක්ක සහගත ජනතාවක් වෙනුවෙනි. ඉතිරි ජනතාවට කොරෝනා එන්නත ලබාදීමට තවත් කාලයක් ගතවනු ඇත. එනිසාම අප සැම තවදුරටත් සෞඛ්‍ය නිර්දේශ අනුව ජීවිතය කළමනාකරණය කර ගත යුතුව ඇත. වෛද්‍යය නිර්දේශය වන්නේ කොරෝනා එන්නත ලබාගත්තද තවදුරටත් සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිය යුතු බවය.

අපට නැවතවරක් කොරෝනා වසංගතය ගැන කතාකිරීමට සිදුව ඇත්තේ හේතු කීපයක් නිසාවෙනි. අඩුවෙමින් පැවති කොරෝනා දෙවැනි රැුල්ල ඇතැම් තැන්වල යළිත් සකි‍්‍රය වීම අඩුවෙන් තක්සේරු කළ නොහැක. විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල යළිත් රෝගීන් ඉස්මතුවීම ගැන වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. පෙරේදා වාර්තා වූ අන්දමට 474කට ආසන්න කොවිඞ් ආසාදිත පොකුරක් හමුවී තිබේ. මෙය ඉතාමත් නරක තත්ත්වයකි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවට දිවයිනේ සෑම ප‍්‍රදේශයකින්ම සේවකයෝ පැමිණෙති. එම ප‍්‍රමාණය 2000කට වැඩිය. එනිසාම තවත් මිනුවන්ගොඩ වැනි පොකුරක් සපුගස්කන්දෙන් ඇති නොවීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම සෞඛ්‍ය හා අනෙකුත් අංශවල නිලධාරීන්ගේ වගකීමකි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මේ දිනවල සිදුකෙරෙමින් පවතින පිරිසිදු කිරීමේ සහ නඩත්තු කටයුතු කීරීම් සඳහා තාවකාලික පදනම මත සේවකයන් 400 දෙනකු බඳවා ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම පිරිස බඳවා ගැනීමේදී සිදුකර ඇත්තේ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණය පමණි. නමුත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් උපදෙස් දී තිබුණේ මෙම පිරිස පී. සී. ආර්. පරීක්‍ෂණ සිදුකර දින දාහතරක් නිරෝධායනය කර සේවය සඳහා යොමු කිරීමටයි. සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්දේශ කි‍්‍රයාත්මක නොකිරීම මෙම විපතට අත වැනීමක් ද යන කාරණය තීරණය වන්නේ ඉදිරියේදී ලැබෙන ප‍්‍රතිඵල මතය. එවැන්නක් නොවේවායි අපි ප‍්‍රාර්ථනා කරන්නෙමු.

ඉදිරියේදී එළඹෙනුයේ උත්සව සමයයි. මෙම උත්සව සමයේ පී‍්‍රතිය යම් ප‍්‍රමාණයකට හෝ භුක්ති විඳීමට නම් අප සියලූදෙනා කොරෝනාව ඇඟට දමා ගන්නේ නැතිව ඉතාමත් පරිස්සමෙන් ජීවිතය ගතකළ යුතුය. රංචුගැසී ෂොපින් නොකර සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම ජනතාවගේ යුතුකමකි. නෑදෑ ගමන්බිමන් යෑම ද කළ යුත්තේ පරිස්සමෙනි. කොරෝනා වසංගතය හමුවේ වැටුණු රට ක‍්‍රම ක‍්‍රමයෙන් හිස ඔසවමින් තිබියදී යළි ලොක්ඩවුන් කිරීමක් ගැන සිතිය නොහැක. කොරෝනාව මොන තරම් අභියෝගයක් වුවද රටේ සියලූ දේ ඊට අනුරූප වන සේ කළමනාකරණය කර ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැත.

මේ වන විට අප සමාජයේ දකින ඇතැම් දේ කිසිසේත් අනුමත කළ නොහැක. තමන් ගැන, තමන්ගේ පවුල ගැන, රට ගැන හිතන මිනිස්සු කොරෝනාවෙන් ගැලවීම සඳහා මුහුණු ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිති. එහෙත් සමහරෙක් ඒ පිළිබඳව උනන්දුවක් නොදක්වන අවස්ථා එමට දැකගත හැකිය. මුව ආවරණ පැළඳිය යුත්තේ මුඛය සහ නාසය ද හොඳින් ආවරණය වන සේය. නමුත් සමහරු එය එසේ නොකර මුව ආවරණය නිකටේ එල්ලාගෙන සිටිනු දැකගත හැකිය. අද සමහරුන්ට මීටරයේ දුරස්ථභාවය ද අමතකව ගොස් ඇත. කොරෝනාව බලෙන් ඇඟට පනින්නේ නැත. එය ආසාදනය වන්නේ තමන්ගේ නොසැලකිල්ල නිසාවෙනි. නොසැලකිල්ල වඩාත් භයානකය. කොරෝනාව සම්පූර්ණයෙන් අප රටින් පහව යනතුරු ඉවසිල්ලෙන්, කල්පනාවෙන් හා ආරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් කල්ගත කළ යුතුය. නැතහොත් සිදුවන්නේ විපතකි. ඒ විපතට අප රට ඇද නොදැමීමේ වගකීම ඇත්තේ ද ජනතාව අතේ බව අමතක නොකළ යුතුය.

2021 මාර්තු 24 දිවයින කතුවැකිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More