පුරවැසි කොලම

1989 වසරේ දිනක බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට වයඹදිග ඇල්ටමීරා ප්‍රදේශයේ නගර ශාලාවකට ඇමසන් මහා වනස්පතිය සියවස් ගණනක සිට සිය නිජ භූමිය කරගෙන ජීවත්වන ස්වදේශී ගෝත්‍ර 26 ක ජනතාවගේ නියෝජිතයන් එක් රැස් වී සිටියා.

ඒ තම නිජබිම් හරහා වසර මිලියන ගණනක සිට ගලා බසිනා Xingu ගංගාවේ දිය හරස් කර වේල්ලක් බැඳ විදුලි බලාගාරයක් ඉදිකිරීමෙහිලා ගෙන එන ලද යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කිරීමටයි. එම වේල්ල බැඳීමත් සමගම සියවස් ගණනක සිට සිය මුතුන්මිත්තන්ගේ ලේ දහදිය ද තමන්ගේ ජීවිතය කැප කළ භූමිය ද, තමන්ව මවක් සේ රැක බලා පෝෂණය කළ වනාන්තරය ද විනාශ වී යන බව ඔවුන් ඉදිකිරීම් සමාගමේ නිලධාරීන් හා දිගින් දිගටම පැවසුවා.

ඇතැම් ගෝත්‍ර නායකයන් යම් යම් දේට එකඟ වූවා, ඇතැමුන් තවත් ගෝත්‍ර සමග ඇති පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගනිමින් සිටියා. ඇතැමුන් නිහඬව සිටිනා අතර ඇතැම් මිනිසුන් වනාන්තරයේ දිවි ගෙවන තමන් ඇතුළු සියළු වනවාසී ප්‍රාණීන්ගේ අනාගතය වෙනුවෙන් සිදුවන අසාධාරණයට එරෙහිව තම විරෝධය ඉදිරිපත් කළා.

මේ අතර ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරුවා ව්‍යාපෘතිය වෙනුවෙන් තම අදහස් ඉදිරිපත් කර අවසන් වූවා..

මහ සෙනග මැදින් සිරුර පුරා සිතුවම් අඳින ලද උඩුකය නිරුවත් වැඩිහිටි කාන්තාවක් නැගී සිටියා. ඇය සිය සාම්ප්‍රදායික දඩයම් අසිපත ද දරා වේදිකාවට පැමිණ ප්‍රධාන ඉංජිනේරුවා ඇතුළු නිලධාරීන්ගේ අසුන් ඉදිරියේ ඇති මේසය අසලින් සිටගත්තා.! සමස්ථ ශාලාවම නිහඬව ගල් ගැසී බලා සිටින අතරේ දී ඇය ප්‍රධාන ඉංජිනේරුවාට හඬ නඟා මෙසේ කියනවා..
” උඹ බොරු කාරයෙක්.! උඹ ඔය කියන විදුලිය අපිට කන්නවත් බොන්නවත් දෙන්නේ නැහැ..අපිට අපේ ගංගාවන් දීපන්… ඒවාට නිදහසේ ගලා යන්න ඉඩ දීපන්… අපේ අනාගතය රැඳෙන්නෙ එය මත.. අපිට ජීවත් වෙන්න, දඩයම් කරන්න ඕනෙ අපේ වනාන්තරය මිසක්.. උඹලගෙ වේල්ල නෙමෙයි..!”
(“You are a liar – We do not need electricity. Electricity is not going to give us our food. We need our rivers to flow freely: our future depends on it. We need our jungles for hunting and gathering. We do not need your dam.”)

තවත් තත්පරයක් ගත වීමට පෙර, ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්, ආයුධ සන්නද්ධ බ්‍රසීල ආරක්ෂක භටයන්, ගෝත්‍ර ජනතාව, ජාත්‍යන්තර මාධ්‍ය ඇතුළු සියල්ලෝම බලා සිටිත් දී, ඇය සිය දඩයම් අසිපත ඔසවා ප්‍රධාන ඉංජිනේරුවාගේ කම්මුල මත තෙවරක් අසිපත් හරස්කඩ තබා සිය තර්ජනය ප්‍රකාශයට පත් කරනු ලබනවා.
ඒ, ඇමසන් ආදීවාසී කයාපෝ ගෝත්‍ර නායිකා ‘ටුයිරා කයාපෝ’..!!

මේ සිදුවීම ලෝකය පුරා ව්‍යාප්ත වන්නට වැඩි වේලාවක් ගත වූයේ නැහැ. ඉන් පසුව..

ලෝකයේ පෙණහළු වන් ඇමසන් වනාන්තරය තුළ සිදුවන්න ගිය මහා වන විනාශය වෙනුවෙන් වැය කරන්නට සූදානම් වන්නේ තමන්ගෙ ණය ආධාර ඩොලර් මිලියන 500ක් බව තේරුම් ගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එම ණය ආධාරය වහාම අත්හිටුවීමට තීරණය කරනු ලබනවා… එයින් පසු බලාගාරයේ වැඩ නවත්වනු ලබනවා..!

නමුත් කල් මැරීමෙන් පසු නැවතත් වේල්ලේ වැඩ 2011 වර්ෂයේ දී ආරම්භ වන විට 89 වසරේ ප්‍රධාන ඉංජිනේරුවා ලෙස ටුයිරා කයාපෝගේ දඩයම් අසිපතේ පහස ලැබූ José Antônio Muniz Lopes අදාල සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි අතර ගෝත්‍රික ජනයා තවදුරටත් සිය ජීවිතය වෙනුවෙන් සටන අත් හැර දමා තිබුණා. ඒ අනුව ඔවුන්ගේ නිජබිම් මහා ජලකඳකින් යට කරමින් 2016 වසරේදී ලොව තෙවන විශාලතම වේල්ල ලෙසින් Belo Monte වේල්ලේ වැඩ නිම කරනු ලැබුවා.

බ්‍රසීලයේ නගර වල විදුලි බුබුළු දැල්වෙන විටදී, හරස් කරනු ලැබූ මහා ගංගා ඉවුරු සිඳී ගියා. දහස් ගණනක් ගෝත්‍රික ජනතාව සියවස් ගණනක් මුළුල්ලේ ජීවත් වූ නිජබිම් දියෙන් යටවී ගියා. සියල්ල අහිමි වූ ඔවුන් සිසීකඩ විසිරුණා. පෘථිවියේ පෙණහැල්ල, යන්ත්‍ර සූත්‍ර දුමෙන් දූවිල්ලෙන් වැසී යන විට ඒ දුමට දූවිල්ලටම යටවී මිලියන ගණනක් දුර්ලභ ජීවීන් සිය අවසන් සුසුම් හෙළුවා..!!

මිත්‍රවරුනි !
ඇමර්සනයේ එසේ වන විට ලංකාවේ ගම්පහ කොළණියක කඩොලාන රක්ෂිතයක් බේරා ගැනීම වෙනුවෙන්, දේවානී ජයතිලක නම් වූ වන නිලධාරිනියක් සිය රැකියාව ද පවුල ද ජීවිතය ද අමතක කරමින් බලවත් ආණ්ඩුවේ බෙල්ලට මයික්‍රෆෝනයකින් දඩයම් අසිපත තබන විට, ඇයගේ නිර්භීතභාවයේ මහිමයෙන් කවදාක හෝ හුස්ම ගන්නට බලා සිටිනා කොළණිවාසී පුරවැසියෝ ඔක්සිජන් ඕනෑ නැතැයි කීවාහ..!

ටුයිරා කයාපෝට, දේවානි ජයතිලකට ද සිය දඩයම් අසිපත් ලෙලවමින්, චේන් ශෝ, ඩෝසර්, ටයිකෝට් සරම් වලට එරෙහිව වනස්පතීන් බදා සිටින්නට හැකි උපරිම කාලය මෙය කියවන මොහොතේ දී පවා උණ්ඩයක වේගයෙන් ගෙවී යා හැක.

ලංකාවම පුංචි ඇමර්සනයකි..! ජලාශ වේල්ල ඉදිවෙමින් පවතියි..!! මහා ජල කඳ ඔබේ නාස් විවර සොයමින් ඉහළට ඇදෙයි..!!! දඩයම් අසිපත් දෑතට ගන්න..!!!! ඔක්සිජන් අවශ්‍යයි..!
– චමල් අකලංක පොල්වත්තගේ –



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය....


Read More

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට මාරාන්තිකයි!

ශ්‍රී ලංකාව තුළ පැතිරී යන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ආර...


Read More

නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට නම් කාබනික පොහොර භාවිතයට යොමු වීම අත්‍යයවශ්‍යයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

"දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇතිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ" සමාජිකයන් සමග පෙරේදා (11) පැවති...


Read More