ඊයේ (22) දින සිදු කළ PCR පරීක්ෂණ 5,983ක් අතරින්; විදේශගතව සිට පැමිණි 40 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 314 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වන 52 දෙදෙනෙකු ත්‍රීකුණාමළය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
මේ අතර PCR පරීක්ෂණ සඳහා දිනකට රුපියල් කෝටි 08ක් වැය වන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ප්‍රකාශය සාවද්‍ය බවත් පරීක්ෂණ උපරිම මට්ටමෙන් සිදු වූ දිනවලදීත් වැය වූයේ දිනකට උපරිම රුපියල් කෝටි 05 ක් පමණක් බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවි කුමුදේෂ් ප්‍රකාශ කරයි.
තවද ඉන්දියාවෙන් ආනයනික ඇස්ට්‍ර සෙනෙකා එන්නත මේ වනවිට පුද්ගලයින් 838,355 දෙනෙකුට ලබාදී ඇති බව වාර්තා වන අතර අද (23) දින එන්නත්කරණ වැඩ සටහනක් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සූදානම් කර තිබුන ද එන්නත ලබාගැනීම සඳහා ජනතාවගේ පැමිණීම ඉතාම අඩු මට්ටමක පැවැති බව ද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...