ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට එංගලන්තය විසින් ඉදිරිපත් කෙරුණු මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිලිබඳව 46 L-1 Rev යෝජනාව සම්බන්ධයෙන් පැවැති ජන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් සහ විපක්ෂව ජන්ද 11ක් ප්‍රකාශ කෙරුණ අතර ජන්දය භාවිතා නොකර සිටිය රටවල් සංඛ්‍යාව 14ක්.
ඒ අනුව එම යෝජනාව වැඩි ඡන්ද 11කින් සම්මත කෙරුණා.
චීනය, රුසියාව, කියුබාව, වෙනිසියුලාව, පකිස්ථානය, බංගලාදේශය, පිලීපීනය, බොලීවියාව, එරිත්‍රියාව, උස්බෙකිස්ථානය සහ සෝමාලියාව යන ශ්‍රී ලංකාවට මිතුරු රටවල් 11ක් එම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය.
ඉන්දියාව, ජපානය, නේපාලය, බහරේන්, ඉන්දුනීසියාව, ලිබියාව, කැමරූන්, සෙනගාලය, සූඩානය, ටොගෝ, මොරිටේනියාව, නැමීබියාව, බුර්කිනා ෆැසෝ, ගැබෝන් යන රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.
ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය, උතුරු අයර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, චෙක් රාජ්‍යය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්‍රේනය, ඌරුගුවේ, ආර්ජන්ටිනාව, මෙක්සිකෝව, ෆිජී, මලාවි, මාර්ෂල් දූපත්, ආර්මේනියාව, බහමාස්, බල්ගේරියාව, බ්‍රසීලය සහ අයිවරි කෝස්ට් යන රටවල් 22 යෝජනාව සම්මත කරමින් ඡන්දය ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...