දේශීය පුවත්

සිංහරාජ රක්ෂිතයේ වැව් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ මාධ්‍ය මඟින් පළ වූ වාර්තා සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කිරීමක් සිදුකළේය.

ඒ සමගි ජන බලවේගයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ,

“මාතර දිස්ත්‍රික්කයේ ඇති අතිරික්ත ජලය විද්‍යානුකූලව හම්බන්තොට ට ගෙන යාම පිළිබඳ ගැටලුවක් නැහැ. පසුගිය දවසක මාධ්‍යයෙන් පළවුණා සිංහරාජයේ වැව් දෙකක් හදලා එහි වතුර හම්බන්තොට ට ගෙනියනවා කියලා. සිංහරාජය අශ්‍රිතව අක්කර 5ක් වැව් දෙදක් හදලා ඒ වතුර ගෙනියනවා කියලා. සිංහරාජය තුළ වැව් දෙකක් හදනවාද ? නැතිනම් ඉන් එළියේ හදනවා ද? “

අමාත්‍ය චමල් රාජපක්ෂ,

“නිල්වලා ගඟේ ගංවතුර ගැලීමත් ගිං ගඟේ ගංවතුර ගැලීමත් නිසා විශාල හානියක් සිදුවෙනවා. ඒ වගේම දැනට අවුරුදු 90කට පමණ පෙර කළු ගඟේ වතුරත් ගිං ගඟේ වතුරත් නිල්වලා ගඟේ වතුරත් ඊසාන දිගට ගෙනියන්න සැලැස්මක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තියෙනවා. නමුත් කිසිම ආණ්ඩුවක් මේවා කරලා නැහැ. ඒ නිසා අද ජල පිපාසයෙන් ජීවත්වෙන විශාල ජනකොටසක් ඉන්නවා. ඉතින් මේක කවදා හරි කෙරෙන්න ඕනේ. ඒ හින්දා මේ ව්‍යාපෘතිය අවුරුදු ගාණනකට කලින් තමයි සැලසුම්කරලා තියෙන්නේ. මම දන්නවා සිංහරාජය ඉතාමත් ප්‍රශ්නයක් නමුත් අවුරුදු ගණනකට පෙර තිබුණු යෝජනාවක්. ඒ යෝජනාවල තියෙනවා ගිං ගඟේ පහළ කොටසේ, දැනට ජනතාව පදිංචිවෙලා ඉන්න කොටසේ මම හිතන්නේ පවුල් 100කට අඩු ගණනක් පදිංචිවෙලා ඉන්න කොට්ඨාසයේ ඒ පදිංචි වෙලා ඉන්න ස්ථානයේ අක්කර 5ක විතර සැලැස්මක් තියෙනවා පොඩි ජලාශයක්. නමුත් ඒක සැලැස්මට යුනෙස්කෝ එකේ අවසරයත් ඉල්ලා තියෙනවා. ඔවුන් අධ්‍යනය කරලා එයින් විශාල හානියක් සිදුවෙනවා ද කියලා බලන්න කියලා තියෙන්නේ එහෙම නැති වුණොත් ගං වතුර වළක්වා ගැනීමත් ජල පිපාසයෙන් ඉන්න ජනතාවට ජලය ලබා දෙන්න බැරි වෙනවා. ඒ නිසා මේ හැම දෙයක්ම බලලා තමයි ක්‍රියාත්මක කරන්නේ. මේක මාධ්‍ය තුළින් ප්‍රකාශ වුණේ සිංහරාජ කැළේ මුදුණේ වැව් හදනවා කියලා. මේවා ගැන මාධ්‍ය වුණත් රටේ ජනතාව අවුසන්නේ නැතිව කිව්වේ මොකක්ද කෙරෙන්නේ මොකක්ද කියලා සෙවීම වැදගත් වෙනවා.”
(දෙරණ වාර්තා)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More