දේශීය පුවත්

වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් වව්නියාව සෙට්ටිකුලම් ආනවිලුන්දාව රක්ෂිතයේ සිදු කළ මෙහෙයුමකදී මහා පරිමාණයෙන් පස්කපන යන්ත්‍ර යොදා රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ අදාල යන්ත්‍රය අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

එහිදී අදාල පුද්ගලයින් කිසිදු අවසරයකින් තොරව රජයේ රක්ෂිත මායිම් එලිපෙහෙලි කරමින් සිටි බවට අනාවරනය වීමෙන් අනතුරුව පස්කපන යන්ත්‍රය සහ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා සෙට්ටිකුලම් අඩවි වන නිලධාරී කාර්යාලයට භාර දීමට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

පසුගිය වසරේ අගෝස්තු මස දෙරණ “උකුස්සා” කළ අනාවරණයකින් පසු රක්ෂිතයේ සිදුවූ විනාශයක් පිළිබඳ පාර්ළිමේන්තුවේදී ද හඬ නැගුණු අතර පසුව අනාවරණය වූයේ එම විනාශය පුත්තලම පාර්ළිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති විසින් සිදු කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ඔහු 2020 සැප්තැම්බර් මස 24 වන දින හලාවත මහේස්ත්‍රාත් අධිකරණය ඇප මත මුදාහැර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More