මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන සැකකාර බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ශී‍්‍ර ලංකා ජනරජයේ ස්වාධිපත්‍යට හානිවන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකර ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි වාර්තාවේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව අසාද් සාලි මහතා මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සබඳතා පවත්වමින් එම ත‍්‍රස්ත කි‍්‍රයා සඳහා ආධාර අනුබල දී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද පැවසේ.
අසාද් සාලි මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියේ සැකකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී විමර්ශන නිලධාරීන්ට යම් බලපෑමක් සිදුකර ඇති ආකාරයක් පෙනී යන බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ද නිකුත් කළ අවසන් වාර්තාවේ සඳහන් කර ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගල මහතාට වාර්තා කර ඇති බවද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...