දේශීය පුවත්

බේරුවල දකුණ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් පාදාගොඩ , මාලේවන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරයට පිවිසෙන අදිකාරි ගොඩ මංසන්ධියේ එම විහාරස්ථානයට අයත්ව තිබූ පැරණි නාම පුවරුව වෙනුවට නව නාම පුවරුවක් සවි කිරීමට යාමේදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් 21 දින ඊට විරුද්ධත්වයක් පළ කර තිබීම හේතුවෙන් විහාරස්ථ දායක සභාව අලුත්ගම පොලිසියට පැමිණිලි කර ඇති බව වාර්තාවේ .

ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පැමිණිල්ලට අනුව එම ස්ථානයට පැමිණි අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්න මහතා ඊට විරුද්ධව වූ පාර්ශ්වයන්ට කරුණු පැහැදිලි කරදී එම විහාරාධිපති නාහිමියන්ට එම පුවරුව එම ස්ථානයේ සවි කිරීමට කටයුතු සලසා පොලිස් ආරක්ෂාවක් ද යොදවනු ලැබූ බවද වාර්තාවේ.

ඉපැරැණි විහාරස්ථානක් වන මෙම මාලේවන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට බොහෝ දුර බැහැරින් එන බැතිමතුන්ට එම විහාරස්ථානය ට පැමිණීමේ පහසුව සඳහා පැරණි අබලන් වූ නාම පුවරුව වෙනුවට මෙම නව නාම පුවරුව සවි කිරීමට විහාරස්ථ දායක සභාව කෙසේ වුවද ඊයේ 22 දිනයෙත් එම නාම පුවරුව සවි කරන ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනු දක්නට ල්බුණු බව ප්‍රදේශවාසිහු ලංකා ලීඩ් වෙත දන්වා සිටියහ.



One thought on “බේරුවල මාලේවන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ නාම පුවරුව ආරක්ෂා කර ගැනීමට පොලිස් ආරක්ෂාව”

  1. ඉස්ලාමීකරණය සැම තැතමනුත්නම සිදු වුනේ සූක්‍ෂමව පසුබිමක් සදා මිනිසුන් බියගන්වා කොටසක් පලවා හැර ඉතිරිය ආගමට අවනත කර ගැනීමෙනි. මාල දිවයින් මීට උදාහරණයකි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More