OIC හෙවත් ඉස්ලාමීය සහයෝගිතාව සංවිධානයේ මහලේකම් ආචාර්ය යූසුෆ් ඔතයිමීන් තහවුරු කරන්නේ තමන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාව හා සබඳතා පුළුල් කර ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනතාවගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමටත් කතාබහ කළ බවය.
මුස්ලිම් ජනතාවගේ මරණ භූමදාන කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් OIC හෙවත් ලෝකයේ විශාලතම මුස්ලිම් රටවල එකතුවේ ප්‍රසාදය පළ වී තිබේ.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයෙ බහරේනයේ යුවරජු වන සල්මාන් බින් හමාද් අල් කලීෆා සමග දුරකතන සංවාදයක නිරත විය.
අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් (Twitter) පණිවිඩයක සඳහන් වන්නේ දෙරට අතර සබඳතා හා සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි .
බහරේනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජික රටකි.
Connected via phone with HRH Deputy King Salman bin Hamad Al Khalifa of #Bahrain. Reviewed our bilateral ties & other areas of cooperation that can be further solidified. HRH recalled & appreciated efforts made to sustain peace & stability in #lka from the time of my Presidency. pic.twitter.com/McO7DhQeuQ
— Mahinda Rajapaksa (@PresRajapaksa) March 21, 2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...