සති අන්ත මව්බිම පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන්නේ සීනි සහ පොල්තෙල් වලින් මෙරට ජනතාවට කළ අති විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතු බවයි.
එසේ නොවුන හොත් එහි පාඩුව ගෙවන්නේ කවුදැයි ඔහු ප‍්‍රශ්න කර තිබේ.
“සීනි හා පොල්තෙල් වලින් ජනතාවට කළ විශාල පාඩුව වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය රජයට පවරා ගත යුතුයි. ආණ්ඩුව ඒක කරන්න ඕනේ. නැත්නම් මේ අලාභය කවුද ගෙවන්නේ?. මුදල් ඇමතිගේ බූදලයෙන්ද ගෙවන්නේ?. එහෙම නැත්නම් අමාත්‍යාංශ ලේකම්ගේ සාක්කුවෙන් ද ගෙවන්නේ?. මේකට තිබෙන එකම විසඳුම සති දෙකක් ඇතුළත ෂැංග්‍රීලා හෝටලය රජයට පවරාගෙන ජනසතු කරන එක” යයිද මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දෙයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...