ජිනීවා මානව හිමිකම් උගුල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විධායක සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සමඟ මාධ්‍යවේදී චමුදිත සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ දී අසන ලද ප්‍රශ්ණ සහ දෙන ලද පිළිතුරු කෙටියෙන් පහත දැක්වේ.
චමුදිත: ඔබගේ සංසදය මේ දක්වා කරල තියෙන්නෙ මොනවද?
නුවන් : දෙමළ ඩයස්ෆෝරාවේ බොරු චෝදනා වලට ප්‍රති උත්තර දෙමින් රට වෙනුවෙන් පෙනී සිටීම.
චමුදිත: ඇයි යහපාළන ආණ්ඩුව කාලෙම ඕක පටන් ගන්න හිතුනෙ?
නුවන් : ඒ කාලෙ හිටපු විදේශ කටයුතු ඇමතිතුමා රටට ද්‍රෝහී කණ්ඩායම් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු කරනකොට අපිට නිකන් බලන් ඉන්න පුලුවන් කමක් නෑ.
ආණ්ඩුව රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරය පැහැර හැර සිටින විට රට වෙනුවෙන් එම කාර්යභාරය මේ දක්වා අපි කරළ තියෙනව.
චමුදිත: ආණ්ඩුව තමන්ගෙ කාර්යභාරය කළේ නැහැ කියලද ඔබ කියන්නෙ? 30/1 යෝජනාව අපේ රටේ ස්වාධිපත්‍යය පාවා දීමක්ද?
නුවන් : ජනතාව ආණ්ඩුවක් පත්කරගැනීමේ ප්‍රධාන අරමුණ රාජ්‍යයේ ආරක්ෂාව සපථ කිරීම. පැහැදිළිවම 30/1 යෝජනාව අපේ රටේ ස්වාධිපත්‍යය පාවා දීමක්.
චමුදිත: ඒක කළේ මංගල සමරවීරද?
නුවන් : ඔහු පාවාදීමේ මතවාදයත් සමඟ පාවාදීමේ න්‍යාය පත්‍රයේ ඉන්නා පුද්ගලයෙක්.
චමුදිත: එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනව මම මේක දන්නෙ නෑ, මට මේක ආවෙ නෑ කියල?
නුවන් : ජනාධිපති ධූරයට පත් වෙනකොට දැනගෙන ඉන්න ඕනෙ තමන්ට තියෙන වගකීම මොකක්ද කියල.
චමුදිත: ඒකාබද්ධ ප්‍රකාශයක් මහින්ද රාජපක්ෂ සහ බැන්කි මූන් අත්සන් කරනව.?
නුවන් : ඒ වෙලාවෙදිත් කරුණු හොයන්නෙ බලන්නෙ නැතිව නිකම්ම ප්‍රකාශයක් නිකුත් කළා.
චමුදිත: අපි කියනව මානව හිමිකම් උල්ලංඝණය වෙලා තියෙනව අපි ඒව හොයනව කියල?
නුවන් : මයික් එකක් ඇල්ලුවම මොනවහරි දෙයක් කියලදාන රටක් නේ මේ? ජාත්‍යන්තරයෙන් අපිට එරෙහිව ආපු චෝදනා වලට එරෙහිව පිළිතුරු දෙන්න අපි මොනවද
කළේ?
චමුදිත: ඔබේ සංවිධානයට මානව හිමිකම් සමුළුව තුළ කාළ පරාසයක් තියෙනව පිළිතුරු දෙන්න?
නුවන් : අපිට ලැබෙන්නෙ තත්පර 90ක් පමණයි. ඒ කාළය තුළ මොනවද කියන්න පුළුවන්? යුරෝ 12,000 – 15,000ක වියදමක් දරල තමයි ඒකත් අනික් N.G.O.
වලින් කෑලි කෑලි ගන්නෙ. සම්බාධක පනවල අපිව හිර කරන්න තමයි ජිනීවා උත්සාහය.
චමුදිත: වගකිව යුත්තන්ට මේක තේරෙන්නෙ නැත්ද?
නුවන් : ජිනීවා ප්‍රශ්ණය තිබුණු ආණ්ඩුවත්, මේ ආණ්ඩුවත් ඉදිරියට එන ආණ්ඩුත් ඒ වගේම ජාත්‍යන්තරයත් හිඟන්නගෙ තුවාලෙ කරගෙන තියෙන්නෙ.
චමුදිත: එතකොට මේ ආණ්ඩුවටත් ඒකෙ වගකීමක් තියෙනව නේද?
නුවන් : ඒ ඉවර කරපු යුද්දෙ ජාත්‍යන්තරයත් එක්ක ගැටගැහිල තිබිච්ච නූල කපල ඉවර කරල දාන එකේ වගකීම තියෙන්නෙ මේ ආණ්ඩුවට.
චමුදිත: ඔහොම බැන බැන මේක ඉවරයක් කරන්න පුළුවන්ද අපට?
නුවන් : මේ මානව හිමිකම් වාර්තාවෙ තිබුණු චෝදනාවක් තමයි 40,000ක් ඝාතනය කරාය කියන එක. ඒක ආවෙ අර දරුස්මාන් කියන පට්ටපල් බොරු වාර්තාවෙන්.
චමුදිත: ඕක කියල තියෙන්නෙ යසස් ධර්මදාස විතරයි නේ? L.T.T.E. සංවිධානය ත්‍රස්තවාදය සහ බෙදුම්වාදය යන ක්‍රමවේද දෙකක් අනුගනය කළ බව වෙන් වෙන්ව
පෙන්නල දීල තියෙන්නෙ කවුද?
නුවන් : මේ එන කිසිම ආණ්ඩුවකට ජාතික න්‍යාය පත්‍රයක් නැහැ නේ. අපි ශ්‍රී ලංකා ගෝලීය සංසදය හැටියට පෙන්නල දීල තියෙනව, නමුත් රටක් හැටියට කවුරුවත්
පෙන්නල දීල නැහැ.
චමුදිත: හැමෝටම ඔක්කොම තෙරෙන්නෙ විපක්ෂයෙ ඉන්නකොට නේ. ආණ්ඩු බළය ගත්තම මුකුත් දැනෙන්නෙ නෑ?
නුවන් : ඔය කිසිම මන්ත්‍රී කෙනෙක් පාර්ළිමේන්තුවෙ ඉදිරිපත් උනේ නෑ, මේ සම්බන්ධයෙන් කතා කරන්න.
චමුදිත: ආණ්ඩුවක් නෙවෙයිනේ තියෙන්නෙ? ඇයි අපි චෝදනා වලට පිළිතුරු දෙන්න වෙනම අවස්ථාවක් ඉල්ලන්නෙ නැත්තෙ?
නුවන් : මේ වාර්තාවන් සහ මේ යෝජනා සම්මත කරළ තියෙන්නෙ අපෙන් කිසිවක් අහන්නෙ නැතිව.
චමුදිත: රට බරපතළ අවදානමක?
නුවන් : රටේ අනාගතය බරපතළ අවදානමක තියෙන්නෙ.
චමුදිත: ඇයි අපි දෙමුහුන් අධිකරණ වලට එකඟ උනේ?
නුවන් : අපේ රණවිරුවව ඒ ලතින් ඇමරිකානු රට හරහා ජාත්‍යන්තර යුධ අධිකරණයට යවන්න පුළුවන්.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...