අද (22) ලෝක ජල දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මුහුණු පොතේ තබා ඇති සටහනයි මේ;
ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල්, මිහිමත තිබෙන ජලය උපමා කලේ තමන්ගේ රුධිරයටයි. මිනිසාට ජීවය දෙන්නේ පිරිසිදු වාතය සහ ජලයයි. ලොව වටා සිටින මිනිසුන් මිලියන 783ක් බීමට පිරිසිදු ජලය නොමැතිව පීඩා විඳිති.
අප රටේද දැවැන්ත වන විනාශය හමුවේ ස්වභාවික ජල උල්පත් සිදීයාමේ තර්ජනයට ලක්ව ඇත. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇළ දොල ගංගා අපවිත්‍රවී ඇත. මධ්‍යම කඳුකරය මෙන්ම තෙත් සදාහරිත වනාන්තර ආරක්ෂාකර නොගතහොත් බීමට ජලය සපයන ස්වාභාවික ජල උල්පත් සියල්ලක්ම සිඳී යනු ඇත.
එසේ වුවහොත් සිඳී යන්නේ ජලය නොව ඔබට ජීවය දෙන රුධිරය බව සිහියේ තබා ගන්න.
https://twitter.com/UNFCCC/status/1374003955571785730

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...