දේශීය පුවත්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්වයෙන් යුතු වියත්මග සංවිධානයේ වාර්ෂික සම්මේලනය කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව සදහා දෙදහසකට ආසන්න පිරිසකට ආරාධනා කර තිබින.

සරසවි ආචාර්ය මහාචාර්යවරුන්, ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ.

ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සමුළුම අමතමින් සිදු කරන ලද පැය භාගයක දේශණයට වැඩි දෙනාගේ අවධානය යොමු විය.

නෙළුම් පොහොට්ටුවලින් සරසන ලද වේදිකාවක් සිට රාජපක්‍ෂ මහතා විසින් සිය දේශණය සිදු කිරීමද විශේෂත්වයක් උසුලයි.

රටක ආර්ථිකය ගොඩ නැගෙන්නේ ප්‍රතිපත්ති මත නොව එය ක්‍රියාත්මක කරන මිනිසුන් අනුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.අධ්‍යාපන ක්‍රමය නවීකරණය කොට තාක්ෂණ දැනුම තිබෙන පුද්ගලයින් සමාජයට බිහිකිරීමේ වැදගත්කමද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනයේදී පෙන්වා දුන්නේය.

ආර්ථිකය ගොඩ නගන අයුරැ අපූරැ විග්‍රහය…?ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද 13 දින වියත්මගේ කල සම්පූර්ණ කතාව(සැ.යු. මඩ නොගහ කතාවේ ඇති දෑ විවේචනයට ලක් කර සංවාද ගොඩ නඟමු)

Gepostet von Wasantha Dissanayake am Sonntag, 13. Mai 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More