පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාසයට විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබීම හේතුවෙන් එහි පැමිණ ඇති බව වාර්තාවේ.
ඔවුන් දෙදෙනාට කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණේ පසුගියදා පැහැර ගැනීමට ලක්වූ බව පැවසෙන මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමුවීම සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා බවද මාFහ්‍යය වාර්තා පවසා සිටියි.
“සියරට“ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙකු බව පැවසෙන 62 හැවිරිදි මාධ්‍යවේදී සුජීව ගමගේ මහතා තමා සතුව පැවති හඬ පටයක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වනදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළ පොලීසිය සඳහන් කර සිටියේ, එම සිද්ධිය ගෙතූ එකක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...