දේව මෙහෙයකට සම්බන්ධවීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම්කර ඇති වැරදිකරුවන් අප්‍රේල් 21 වන දිනට පෙර උසාවියට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින පුරා විරෝධතාවයන් පවත්වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ පවසා සිටියේ, කුමන බලවේග ක්‍රියාත්මක වුව ද යුක්තිය ඉටුවන තුරු තමන් වහන්සේ ජනතාව සමග පෙරමුණේ ගමන් කරන බවත් යුක්තිය ඉටු කෙරෙනවා දකින්න අවශ්‍ය බවත්ය .
මෙහිදී අදහස් දකාමින් උන්වහන්සේ,
“ලබන අප්‍රේල් 21 වන විට ජනතාවට යුක්තිය ඉටුවෙන බව දකින්නට නැතිනම් 21 වන දා සිට අපි කරන විරෝධය ඉතාමත් ශක්තිමත්ව ලංකාව පුරා කරන බව අවධාරණය කරනවා. විනිවිදභාවයෙන් යුතු ක්‍රියාදාමය තුළ කිසිවෙකුට විශේෂ සැලකිලි දක්වන්නේ නැතුව අඩුම ගානේ කොමිෂන් සභාවේ දීලා තියෙන නියෝග අනුව එහි වැරදිකරුවන් ලෙස නම්කර ඇති සමහර අය උසාවිය ඉදිරියට ගෙන ඒමට 21කට කලින් මේ රජය කටයුතු නොකළහොත් අපේ විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්නට සිදු වෙනවා. එම විරෝධතාවය අපි අතහරින්නේ නෑ.“ යනුවෙන් පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...