දේශීය පුවත්

ජාත්‍යන්තර වනාන්තර දිනය වෙනුවෙන් පැවති උත්සවයක් අමතමින් මේ රටේ වැඩියෙන්ම කැලෑ කපා ඇත්තේ දිවංගත ඩී එස් සේනානායක සහ ගාමිණී දිසානායක මහත්වරුන් බවත් පරිසර විනාශය යයි අර්ථ නිරූපණය කරන බොහෝ දේවල් අසත්‍ය බවත් රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් උත්සවයට සහභාගි වූ පන්තාරාම විහාරාධිපති පූජ්‍ය කලුතර පඤ්ඤාතිස්ස හිමි විසින් ආසන්න භූමියක් පෙන්වා පවසා සිටියේ කලින් එහි පැවති වනාන්තරය හෙලි කර කෙසෙල් වගාවක් සිදුකර ඇති බවයි.

මේ සියල්ල රජයට අයත් වනාන්තර භූමි බවත් වංචනිකව මේ ඉඩම් ලබාගත් පුද්ගලයින් මෙන්ම ඒවාට උදව් කළ වංචනික නිළධාරීන් සහ දේශපාළකයින් ද සොයාගෙන එම ඉඩම් නැවතත් රජයට පවරා ගත යුතු බවත් උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ එම හිමියන් පෙන්වාදුන් පරිදි රහස් පොලීසිය හෝ යොදවා විමර්ශණයක් සිදු කොට මෙම ඉඩම් බේරාගැනීමට කටයුතු කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More