දේශීය පුවත්

කර්මාන්ත සහ වාණිජ අමාත්‍යවරයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා, කටයුතු කරන ලද සමයේ 2018 වසර සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට විමර්ශන නිලධාරීන් බඳවා ගැනීම ජාතිවාදී පදනමින් සහ අයථා ආකාරයෙන් සිදු කරනු ලැබ ඇතැයි, ඒ පිළිබඳව විමර්ශනය කරන ලද කමිටුව වාර්තා කර තිබේ.

විමර්ශන නිලධාරීන් සඳහා මූලික සුදුසුකම ලෙස, අදාළ විෂය ක්‍ෂේත‍්‍ර ගණනාවක් යටතේ උපාධි හදාරා තිබීම මූලික අවස්ථාවේදී දක්වා තිබුණද එය ඕනෑම උපාධියක් බවට පත් කිරීම, අයැදුම්කරුවන් තෝරා ගැනීමේදී බහුතර ජාතිය වන සිංහල ජාතිය සඳහා අසාධාරණයක් සිදු කිරීම, සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටි මුස්ලිම් අයැදුම්කරුවන්ගෙන් 51%ද දෙමළ අයැදුම්කරුවන්ගෙන් 22%ක්ද සිංහල අයැදුම්කරුවන්ගෙන් 13.7%ක්ද තෝරාගෙන තිබුණු බව ද මේ පිළිබඳව වූ විමර්ශන වාර්තාව හෙළි කරයි.

යම් හෙයකින් මෙම පත්වීම් සිදු කරනු ලැබුවා නම්, ඉදිරියේදී පාරිභෝගික අධිකාරිය, මුස්ලිම් අන්තවාදී මධ්‍යස්ථානයක් වීමට ඉඩ තිබූ බවත් එම අවස්ථාවේදී අමාත්‍ය ධුරය දරන ලද රිෂාඞ් බදියුදීන්ගේ සැලසුමක් අනුව මෙය සිදුව ඇති බවත් හෙළි වී තිබේ.

එම අවස්ථාවේදී පාරිභෝගික අධිකාරියේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද ඞී. ජීවනාදන් මහතා තවමත් එම අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කිරීම එහි සේවකයන්ගේ මවිතයට හේතුවී තිබේ.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More