ව්‍යාපාරික පුවත්

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පසුගිය වසරේදී (2020) මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන අංශ තුනම පසුබෑමට ලක්වෙමින් ආර්ථිකය ඍණ 3.6ක වර්ධනයක් වාර්තා කර ඇත.

ඒ අනුව 2019 වර්ෂයේ වාර්තා කළ රු. මිලියන 9,883,350 ක ආර්ථික වර්ධනය පසුගිය වසරේ (2020) දී රු. මිලියන 9,530,606 දක්වා පසුබෑමට ලක්ව ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඞ් වසංගතයේ ආර්ථික බලපෑම් දැඩිව පිළිබිඹු කරමින් දළ දේශීය නිෂ්පාදිතය නියෝජනය කරන ආර්ථිකයේ ප‍්‍රධාන අංශ තුනම 2020 වසරේ දී ඍණ වර්ධන වේගයන් වාර්තා කර තිබේ.

මේ අනුව 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ දී ආර්ථිකයේ ප‍්‍රධාන අංශ වන කෘෂිකර්ම අංශය සියයට 2.4කින් ද කර්මාන්ත අංශය සියයට 6.9කින් ද සේවා අංශය සියයට 1.5කින් ද ඍණ වර්ධන වේගයන් වාර්තා කර ඇත.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More