දේශීය පුවත්

ජාතික ගොවිජන එකමුතුව විසින් රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවදී එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියා සිටියේ රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන සහල් ආනයන ක්‍රියාවලිය තුල බලධාරීන්ට අත යට කොමිස් මුදල් මෙන්ම මෙරට ජනතාවට පරිභෝජනයට නුසුදුසු සහල් කැවීමේ අවදානමක් ඇති බවයි.

එහිදී තෙන්නකෝන් මහතා අවධාරණය කළේ දැනට ලෝකයේ තිබෙන අඩුම සහල් මිළ වන මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 370ක් වන සහල් ඉන්දියාවෙන් ආනයනය කර ඊට මෙරට අලෙවි පිරිවැය එක්කිරීමෙන් පසු කිසිසේත්ම මෙරට දැන් පවතින සහල් මිළට අඩුවෙන් පාරිභෝගිකයාට අලෙවි කළ නොහැකි බවයි.

ඒ අනුව තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ අනිවාර්යයෙන්ම සහල් ආනයනය තුළ සිදුවන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියකින් තොර සහල් ආනයනය පමණක් බවයි. මෙය පසුගිය යහපාලන රජය තුල රිෂාඩ් බදුර්දීන් වෙළෙඳ ඇමතිවරයා යටතේ සතොස ආයතනය සිදු කළ කූට ව්‍යාපෘතියම බව ඔහු අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ ජාතික ගොවිජන එකමුතුවේ අධ්‍යාපන ලේකම් කේ පී ඩී කරුණානායක මහතා කියා සිටියේ සිංහරාජය ,පිදුරුතලාගල ආදී ස්වභාවික පරිසර පද්ධතිය විනාශයට ලක් කරන වත්මන් ආණ්ඩුව පසුගිය රජය සමයේ විල්පත්තු වන සංහාරය සිදු කළ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන ප්‍රතිපත්තියක් ගෙනයන බවත්ය.

https://fb.watch/4mm9X_DcDf/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More