බංග්ලාදේශයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) දින බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනා මහත්මිය හමුවූ අතර දෙරට අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 50 ක් සම්පුර්ණ වන 2022 වසරේදී එය සැමරීම සඳහා ගෞරවණීය රාජ්‍යත්‍රාන්ත්‍රික අමුත්තෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියට අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර තිබේ.
1998 වර්ෂයේ දී කලාපීය සහයෝගීතාව පිළිබඳ දකුණු ආසියාතික සංගමයේ (SඇඇRC) සමුළුවටත් අනතුරුව 2013 වර්ෂයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවටත් (CHOඝ්M) ෂෙයික් හසීනා මහත්මියගේ සැපත්වීම තම සිහියට නැගෙන බව ද ඔහු එහිදී සිහිපත් කට තිබේ.
බංග්ලාදේශ නිදහස් සැමරුමේ ස්වර්ණ ජයන්තියට ආරාධනා කිරීම පිළිබඳව සිය ස්තුතිය පළ කළ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ ශ්‍රී ලාංකික ජනතාවගේ සුබ පැතුම් බංග්ලාදේශ ජනතාව වෙත පිරිනමන බවත් දෙරට අතර ද්විපාර්ශවිය සබඳතා වර්ධනය වීමට මෙම සංචාරය ඉවහල් වූ බවත්ය.
දෙරට අතර ද්විපාර්ශවිය සාකච්ජා ආරම්භ වීමට ප්‍රථම මෙම හමුව පැවති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...