දේශීය පුවත්

සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ සීනි බදු වංචාව පිළිබඳව ගැඹුරින් සිතා සත්‍ය හෙළි කිරීමට රජය අපොහොසත් වන්නේ නම් සමාජය තුළ අසත්‍ය ප‍්‍රචාරය වීම වැළැක්විය නොහැකි බවත් සීනි වංචාව, වන විනාශය, පරිසර විනාශය ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ජනතාව මේ වනවිට දැඩි කම්පාවට පත්ව සිටින බව ද සඳහන් කළ ඇල්ලේ ගුණවංශ හිමියෝ රටක ජාතික ධනය සාංඝීක දේපළක් වැනි බව ද කියා සිටිති.

වත්මන් රජය පත්කිරීමෙන් ජනතාව මෙවැනි දේ කිසිවිටකත් බලාපොරොත්තු නොවූ බවත්, එහෙත් සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධීන් රජයේ ඉදිරි ගමනට හිතකර නොවන බවත් උන්වහන්සේ පැවසූහ.

සීනි වංචාව සම්බන්ධයෙන් රජය පවසන දෙය පිළිගත නොහැකි සේම අදාළ වංචාව පිළිබඳව කරුණු පැවසීම වෙනුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු කියන රජයේ පුද්ගලයන් කෙරෙහි ද ජනතා විශ්වාසයක් නැතැයි ද ගුණවංශ හිමියෝ පැවසූහ.

සීනි ගෙන්වීම හරහා වංචාවක් සිදුව නොමැති නම් ඉන් ජනතාවට වාසියක් අත්විය යුතුව තිබූ බව ද පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ එවැන්නක් ද සිදුව නොමැති නම් මෙය මහා පරිමාණ වංචාවක්ම විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More