දේශීය පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා ඊයේ (19) දින සහ පෙරේදා (18) දින සිදුකළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා පෙරේදා (18) සිදුකළ ලිඛිත පැමිණිල්ලට අමතරව ඊයේ (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක්ද ලබා දී ඇත.

පැමිණිලිකාර මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා පවසා ඇත්තේ පසුගිය 17 වැනිදා පැවති මාධ්‍ය හමුවක දී නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා තමා සම්බන්ධයෙන් පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ සහිත කරුණු සඳහන් කළ බවත් එම ප්‍රකාශය හරහා තමාගේ මෙන්ම තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත්ය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More