බි‍්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කීපයක් එක්ව ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කළ දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ගයක් බව විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පැවැත්වෙන ජිනීවාහිදී අනිද්දා (22) දින ඡන්ද විමසීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ඊයේ (19) දින විදේශ අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ අපේ රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් චෝදනා කිරීම හෝ ඒ කරුණු සඳහා ඡන්ද විමසීම ජාත්‍යන්තරය පිළිගත් මානව හිමිකම් කවුන්සිලයක වගකීම නොවන බවයි.
‘‘පසුගිය කාලය පුරාවට අප රටට මානව හිමිකම් චෝදනා යැයි කියමින් නොයෙක් චෝදනා ඉදිරිපත් කළා. මේ පිළිබඳව අප අවධානයෙන් යුතුව කටයුතු කර තිබෙනවා. අපේ ආණ්ඩුව පත් වූ පසු මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජනාධිපති කොමිසමක් පත් කර තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු කාර්යාංශය ක‍්‍රියාත්මක කරන්න අය-වැයෙන් මුදල් වෙන් කර දී තිබෙනවා. එවැනි සාධනීය පියවර රැසක් අනුගමනය කරමින් වත්මන් රජය කටයුතු කරද්දී ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ඒ ගැන නොසලකා හැර නැවත නැවත අපට විවිධකාරයෙන් චෝදනා කිරීම සාධාරණ නෑ’’ යැයි ද ඇමැතිවරයා කීවේය.
‘‘අපිට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කරන්න අපි උත්සාහ ගන්නවා. ඒ සඳහා අපට මිත‍්‍ර රටවල් රැසක් අප සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. මෙවර ඉන්දියාවත් අපේ සහයට ඉදිරිපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා’’ යැයි ද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
(දිවයින පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...