ඉන්දියාවේ -ද හින්දු- පුවත්පත වාර්තා කර ඇත්තේ රාමනාදපුරම්හි පැවැති උත්සවයකින් අනතුරුව එරට මහාමාර්ග සහ නාවික ගමනාගමන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජෙනරල් වී.කේ.සිං මහතා සඳහන් කර ඇත්තේ කච්චතිව් මුදා ගැනීම සඳහා ඉන්දීය මධ්‍යම රජය කටයුතු කරන බවයි.
කච්චතිව් ගැටලුව ජාත්‍යන්තර ප්‍රශ්නයක් නොවන බවත්, චීන රජය ලංකාව සමග සහයෝගයෙන් සිටියත් ඉන්දියාව ශ්‍රී ලංකාවට සමීපම මිත්‍ර රට බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර; ලද තොරතුරකට අනුව ඉන්දීය දකුණු නාවික විධානයේ ඩ්‍රෝන යානයක් හෙරොයින් හා ගිනි අවි ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලාංකික බෝට්ටු තුනක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම බෝට්ටු ඉන්දීය නාවික හමුදාව හා වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබේ.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, ලක්ෂාදිප් මුහුදු තීරයේදී එම බෝට්ටුවල තිබී හෙරොයින් මෙන්ම ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි සහ උණ්ඩ 1000 ක් සොයාගත් බවයි.
ඉකුත් 05 වැනිදා ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකු සමග බෝට්ටු 3 ක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට ගත් අතර අදාළ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රී ලාංකික බෝට්ටු ඉන්දීය අත්අඩංගුවට පත් දෙවැනි අවස්ථාව මෙයයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...