ඇල්ලේ ගුණවංශ හිමියෝ මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ සීනි බදු වංචාව පිළිබඳව ගැඹුරින් සිතා සත්‍ය හෙළි කිරීමට රජය අපොහොසත් වන්නේ නම් සමාජය තුළ අසත්‍ය ප‍්‍රචාරය වීම වැළැක්විය නොහැකි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ වත්මන් රජය පත්කිරීමෙන් ජනතාව මෙවැනි දේ කිසිවිටකත් බලාපොරොත්තු නොවූ බවත්, එහෙත් සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධීන් රජයේ ඉදිරි ගමනට හිතකර නොවන බවත් පවසා සිටියහ
උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් සීනි වංචාව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරණ කාරණා පිළිගත නොහැකි සේම අදාළ වංචාව පිළිබඳව කරුණු පැවසීම වෙනුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු කියන රජයේ පුද්ගලයන් කෙරෙහි ද ජනතා විශ්වාසයක් නැතැයි ගුණවංශ හිමියෝ අවධාරණය කළහ.
මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් “සීනි වංචාව, වන විනාශය, පරිසර විනාශය ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ජනතාව මේ වනවිට දැඩි කම්පාවට පත්ව සිටිනවා. රටක ජාතික ධනය සාංඝීක දේපළක් වගෙයි.
සීනි ගෙන්වීම හරහා වංචාවක් සිදුව නොමැති නම් ඉන් ජනතාවට වාසියක් අත්විය යුතුව තිබූනා.එවැන්නක් ද සිදුව නොමැති නම් මෙය මහා පරිමාණ වංචාවක්ම විය හැකියි.” යනුවෙන් පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...