කොවිඩ් වෛරසය මර්ධනය සඳහා චීනයේ නිෂ්පාදිත සයොනොෆාම් නැමැති එන්නත සඳහා අනුමැතිය ලබා දීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය චීනයේ නිෂ්පාදිත සයොනොෆාම් එන්නත අනුමැතිය පිණිස ඉදිරිපත් කර තිබූ දත්ත පිළිබඳව නිසි අධ්‍යයනයක් කර නැති බව වාර්තාවේ.
කෙසේ වුවද නව සභාපතිවරයා සයොනොෆාම් එන්නත සම්බන්ධව කර ඇති සියළුම පර්යේෂණ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙසේ සයොනොෆාම් එන්නත සඳහා අනුමැතිය ලබා දී ඇති බව මාධ්‍යය වාර්තා පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග වලට අනුව කොන්දේසි කිහිපයකට යටත්ව මෙම අනුමැතිය ලබා දී ඇති අතර ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ද මෙම එන්නත ලබා දීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර චීන රජය එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබා දෙන බව චීන රජය නිවේදනය කර ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...