දේශීය පුවත්

කොත්මලේ ඔයට පුඩළුඔය ඩන්සිනන් කදු මුදුණේ සිට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා පුඩළුඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිම සදහා පිඹුරුපත් සකස් කිරිමට පෙරේදා (18) දින පැමිණි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට ප්‍රදේශයේ විහාරාධිපති සහ ප්‍රදේශවාසින්ගේ දැඩි විරෝධය පල කර ඇත.

තලවකැලේ පුඩළුඔය වැවහේන ප්‍රදේශය හරහා කොත්මලේඔයට ජලය ගලා බසින පුඩළුඔයේ එගොඩවෙල ඇල්ල , වැවහේනේ ඇල්ල ඇතුළු දිය ඇලි තුනක් හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිමට 2017 – 2018 වසරේ සැලසුම් සකස් කර ඇති බවත්, ප්‍රදේශවාසින්ගෙන් මතු වු දැඩි විරෝධය මැද්දේ එම පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ නොකල බවයි සංඝරත්නය සහ පුඩළුඔය වැවහේනේගම ප්‍රදේශවාසින් මාධ්‍යය හමුවේ කියා සිටියේ.

පුඩළුඔය ප්‍රදේශයේ ඇද හැලෙන දිය ඇලි නැරඹිමට කොවිඩ් 19 වසංගතය පැතිර යාමට ප්‍රථම දේශිය සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත්, පුඩළුඔයේ ජලය කොත්මලේඔයට ගලා යනතෙක් ගග දෙපස පදිංචි ප්‍රදේශවාසින් ගොවිතැනට මෙන්ම දෛනික අවශ්‍යතාවලටද ගගේ ජලය උපයෝගි කර ගන්නා බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

එම ප්‍රදේශයේ පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි වුවහොත් විශාල පරිසර හානියක් සිදු වන බවත්,ඒ තුලින් ගොවිතැනට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට පානිය ජල ගැටළුවක්ද මතු වි කොත්මලේඔයට ජලය ගලා බසිනා පුඩළුශයේ සුන්දරත්වයද නැති වි යන බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

පුඩළුඔය වැවහේනගම ප්‍රදේශවාසින්ගේ විරෝධය මැද්දේ මිට ප්‍රථම නතර කර තිබු පුඩළුඔය පෞද්ගලික ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු යලිත් ආරම්භ කිරිම සදහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු රාජ්‍යය නිලධාරින් පිරිසක් යලිත් උත්සහයක් දරන බවටද ප්‍රදේශවාසින් කියා සිටියි.

වසන්ත කරන්නාගොඩ මහතාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින්ට පුඩළුඔය ප්‍රදේශවාසින්ගෙන් එල්ල වු දැඩි විරෝධය හමු එම නිලධාරින් එම ස්ථානයෙන් බැහැරව ගොස් ඇත.

තොරතුරු : https://lankacnews.com/%e0%b6%b4%e0%b7%94%e0%b6%a9%e0%b7%85%e0%b7%94%e0%b6%94%e0%b6%ba-%e0%b7%84%e0%b6%bb%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb-%e0%b6%b4%e0%b7%94%e0%b6%af%e0%b7%8a%e0%b6%9c%e0%b6%bd%e0%b7%92%e0%b6%9a/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More