දේශීය පුවත්

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනාවකට අනුව එරට දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයට ලඟා වී තිබේ.

එහිදී ඩකා ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි බංග්ලාදේශ අගමැතිතුමිය විසින් එතුමාව ඉතා හරසරින් පිළිගත් අතර අගමැතිතුමා වෙනුවෙන් හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබිණි.

ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා, බංග්ලාදේශ නිදහස් සටන වෙනුවෙන් ජීවිත පූජා කළ විරුවන් අනුස්මරණය කරන ජාතික වීර අනුස්මරණ ස්මාරකය වෙත ගොස් උපහාර දැක්වීමේ අවස්ථාව සඳහා බංග්ලාදේශ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් ද එක් වූ අතර අනතුරුව එහි සම්භාවනීය අමුත්තන්ගේ පොතේ පහත සඳහන් විශේෂ සටහන ද තැබුවාය.

“බංග්ලාදේශ නිදහස් සටනේ දී තම වටිනා ජීවිත පරිත්‍යාග කළ, බංග්ලාදේශ ජනතාව වෙනුවෙන් ඔවුන් කළ පරිත්‍යාගය අනුස්මරණය කරන අවස්ථාවේ දී මාගේ ගෞරවය පුද කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි.

බංග්ලාදේශයේ නිදහස අගය කළ සියලු දෙනාගේ හෙට දිනය වෙනුවෙන් තම ජීවිත කැප කළ සියලු ම බංගලි ජනතාව නිදහස්, ස්වාධීන හා සාඩම්බර බංග්ලාදේශයක් සඳහා බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ සිහිනයට ප්‍රබල සාක්ෂියකි.”

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුහේ සංචාරය සංකේතවත් කරමින් බංග්ලාදේශ ජාතික වීර ස්මාරක භූමියේ පැළයක් ද රෝපණය කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More