දේශීය පුවත්

2000 වසරේ සිට 2021 දක්වා කාලයේදී කොළඹ දිස්ති‍්‍රක්කයේ සමස්ත තෙත් බිම්වලින් සියයට 60ක් පමණ විනාශ වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙරේදා (17) දින පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

දැනට කොළඹ දිස්ති‍්‍රක්කයේ තෙත් බිම් ඉතුරු වී ඇත්තේ වර්ග කිලෝමීටර් 20ක ප‍්‍රමාණයක් බවද හෙතෙම කියා සිටියේය.

නුගේගොඩදී පැවති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

මේ වෙනකොට කොළඹ දිස්ති‍්‍රක්කය ඇතුලේ විශාල පරිසර විනාශයක් සිදුවෙමින් යනවා. කොළඹ දිස්ති‍්‍රක්කය ජනාකීර්ණ වෙච්ච දිස්ති‍්‍රක්කයක් නිසා මෙතෙක් වැදගත්ම පරිසර පද්ධතියක් විදිහට තියෙන්නේ තෙත් බිම් පරිසර පද්ධතියයි. ඒ තෙත් බිම් පරිසර පද්ධතිය මොනතරම් වැදගත් ද කියනවානම් අන්තර්ජාතික රැම්සා තෙත් බිම් සම්මුතිය යටතේ තෙත් බිම් නගරයක් විදිහට කොළඹ නගරය නම් කරලා තියෙන්නේ. දැන් කොළඹ නගරය පුරාම විහිදිච්ච තෙත් බිම් පද්ධතියක් තියෙනවා. මේ කොළඹ දිස්ති‍්‍රක්කය පුරාම විහිදුණු තෙත් බිම් සියල්ලම එක පද්ධතියක් විදිහටයි තියෙන්නේ.

2016 වසරේදී කොළඹ තෙත් බිම් කළමනාකරණ උපාය මාර්ගික සැලැස්ම (Colombo Wet Land Management Strategy) නිර්මාණය කරද්දි එයට අදාළව පර්යේෂණයක් කළා. ඒ පර්යේෂණයේදී හෙළිදරව් වුණා වාර්ෂිකව කොළඹ තියෙන තෙත් බිම්වලින් සියයට 1.6ක් පමණ විනාශ වෙමින් යනවා කියලා. ඒ අනුව මේ විනාශය මෙහෙම වෙන්න ඉඩ හැරියහොත් 2038 වසර වෙද්දි කොළඹ දැනට තියෙන තෙත් බිම්වලින් තුනෙන් එකක් පමණයි ඉතුරු වෙන්නේ. ඒ නිසා අර උපායමාර්ගික සැලැස්ම මගින් නිර්දේශ කළා කොළඹ තිබෙන වටිනාම තෙත් බිම් හඳුනාගෙන ඒවා සිතියම්ගත කරලා ඒවා නිත්‍යානුකූලව ආරක්‍ෂා කිරීම සඳහා ක‍්‍රමවේදයක් හදන්න කියලා. නමුත් මේ වෙනතෙක් ඒ සඳහා කිසිම නීතියක් සකස් කරලා නැහැ.

කොළඹ තෙත් බිම්වල පැවැත්ම මිනිසාගේ පැවැත්මටයි. නුගේගොඩ මෙල්ඩර් පෙදෙස පිටුපස ඇති තෙත් බිම දැනට ගොඩකරමින් විනාශ කරමින් යනවා. ඒක දැවැන්ත පරිසර ප‍්‍රශ්නයක්. කොළඹ සමස්ත තෙත් බිම් පරිසර පද්ධතිය සඳහා එය විශාල බලපෑමක් එල්ල කරනවා. මේක මෙතන විතරක් වෙන එකක් නොවෙයි. මුළු කොළඹම තෙත් බිම් විනාශ කෙරෙමින් තිබෙනවා. ඒ කොළඹ විනාශ කෙරෙමින් පවතින තෙත් බිම්වල සංරක්‍ෂණයක් විදිහට තියෙනවා මේ මෙල්ඩර් පෙදෙස පිටුපස සිදුවෙමින් පවතින මේ පරිසර විනාශය.

මීට අමතරව නුගේගොඩ ඉඩම් මංකොල්ලයකුත් නුගේගොඩ නගරය තුළ සිදුවෙමින් යනවා. මේ විනාශය වැළැක්වීම සඳහා ප‍්‍රදේශයේ ජනතාව එකතුවෙලා තියෙනවා. සංවිධානයවෙලා තියෙනවා.

මෙහිදී නුගේගොඩ අවට ප‍්‍රදේශවාසීහු කීපදෙනෙක් ද අදහස් දැක්වූහ.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More