දේශීය පුවත්

පසුගිය 15,16,17 යන දින තුනේදීම කොවිඩ් -19 සෞඛ්‍ය ආධාර විශාල තොගයක් චීන තානාපති ඛී සෙන්හොන්ග් (QI Zhenhong) මහතා විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බව චීන තානාපති කාර්යයාල ට්විටර් පණිවිඩයක දැක්වේ.

පසුගිය 15 වන දින පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 585ක්, සාමාන්‍ය මුඛ ආවරණ 50,000ක් සහ KN 95 මුඛ ආවරණ 9600ක්, අත් ආවරණ යුගල 1,500ක් සහ විෂබීජ නාශක ලාම්පු 10ක් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාට පරිත්‍යාග කර තිබේ.

පසුගිය 16 වන දින පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 270ක්, සාමාන්‍ය මුඛ ආවරණ 24,000ක් සහ KN 95 මුඛ ආවරණ 4,800ක්, ඇතුළු ඇස් ආරක්ෂක පැළඳුම්, අත් ආවරණ සහ විෂබීජ නාශක ලාම්පු තොගයක් ශ්‍රී ලංකා ගුවන් සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගුවන් හමුදා කැප්ටන් තේමිය අබේවික්‍රම මහතාට පරිත්‍යාග කර ඇත.

පසුගිය 17 වන දින පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල, PCR කට්ටල, ආශ්වාස උපකරණ (වෙන්ටිලේටර්) සහ ඖෂධ තොගයක් කොළඹ මහ නගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක මහත්මියට පරිත්‍යාග කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More