කොවිඩ් මර්දනයට ලබාදෙන රජය අනුමත එන්නත ලබාගෙන විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහාවූ නව නිරෝධායන උපදෙස් සහිත විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) දින නිකුත් කරනු ඇත. ඒ අනුව එන්නත ලබාගෙන සති 02කට පසු එන ශ්‍රී ලාංකිකයිනට පැමිණ පැය 24ක් ඇතුළත සිදුකරන පීසීආර් පරීක්ෂණයෙන් රෝගය වැළඳී නැති බව වාර්තා වුවහොත් නිවසට ගොස් නිරෝධායනය විය හැකිය. එන්නත ලබාගෙන සති 02කට පෙර එන අය දින 07ක් නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය යුතුය. එහිදී සිදුකරන පීසීආර් පරීක්ෂණයෙන් රෝගය වැළඳී නැති බව තහවුරු වුවහොත් නිවසට ගොස් ඉතිරි දින 07 නිරෝධායනය විය හැකිය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...