පරිසර ඇගයීමකින් තොරව මුහුදේ වැලි කැණීම හා මුහුදට අපද්‍රව්‍ය එකතුවීමෙන් මීගමුවේ සිට මාතර දක්වා මුහුදු තීරයේ කොරල් පද්ධතිය හා මුහුදු පතුල අමු සොහොනක් මෙන් විනාශ වී ඇතැයි පෙරේදා (17) දින පෙරවරුවේ ගාල්ල උණවටුන මුහුදු තීරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ධීවර කිමිදුම්කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ජගත් ප‍්‍රීතිකුමාර මහතා පැවසුවේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

මේ උණවටුන මුහුද විදේශිකයින්ගේ ප‍්‍රියතම ස්ථානයක්. ඒත් මීට අවුරුදු 08 කට විතර කලින් ආපු විදේශිකයින් අද මේ මුහුද පතුල දැක්කොත් මේ ශ‍්‍රී ලංකාවදැයි පුදුමයට පත්වෙනවා. මේ මුහුදු තීරයේ තිබෙන අඩි 6 ක් දිග කොරල්පර දැන් අඩි හතරක් විතරම වැලිවලින් යටවෙලා. මේ හේතුව නිසා සුරතල් විසිතුරු මසුන් විශාල ප‍්‍රමාණයක් විනාශවෙලා. අද බොහෝ මත්ස්‍ය වර්ග වඳ වෙලා ගිහිල්ලා.
කිමිදුම්කරුවන් ගැන රජය හෝ කිසිම ආයතනයක් සොයාබැලීමක් කරන්නේ නැහැ. ඒත් කිමිදුම්කරුවන් කියන්නේ රටට විදේශ විනිමය උපයාදෙන පිරිසක්. මේ ක්‍ෂෙත‍්‍රයට අපෙන් පස්සේ එන්න පිරිසක් නැහැ. ඒ නිසා සාගර විශ්වවිද්‍යාලයෙන් පිටවෙන පිරිස් මේ කෙරෙහි යොමු කරන ලෙසත් කිමිදුම් උපකරණ පහසු මිලට ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.
(දිවයින පුවත්)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...