දේශීය පුවත්

පසුගිය 13වන සෙනසුරාදා දින සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් භාග්‍යා අබේරත්න දැරිය විසින් ඉතා සංවේදීව මෙන්ම ආවේගාත්මකව කරණ ලද “සිංහරාජ ලෝක උරුමයේ” සිදුවන පරිසර හානිය පිළිබඳ හෙළිදරව්වෙන් පසු ඇතිවූ පරිසර, නීතිමය, සමාජ සහ දේශපාළන සංවාදයන්ගෙන් අනතුරුව අදාල ඉඩමට අමතරව තවත් අක්කර 1500 ක පමණ භූමි ප‍්‍රමාණයක් සිංහරාජ වනාන්තරයට එක් කිරීමට නියමිත බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

හෝටලයක් ඉදිකරන බව පැවසෙන ඉඩමේ අයිතිය පිළිබඳව මෙන්ම එම භූමිය තුළ තිබූ වටිනා ගස් කපා දමා ඇත්ද යන්න පිළිබඳව ද විමර්ශණය කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේ වෙතත්, ඉඩම තුළ ගස් කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකායෙන් හෝ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගැනීමක් සිදුව නැති බව මේ වන විට තහවුරු වී තිබේ.

එළැඹෙන සතිය තුළ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි පරිසර අමාත්‍යවරයා පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More