මේ වන විට සීනි සඳහා ආනයන බදු අඩු කිරීම මගින් බදු වංචාවට ආණ්ඩුව පෙළඹවූ බවට චෝදනාවට ලක්ව සිටින ප්‍රධාන පෙළේ සීනි පොල් තෙල් සහ ෆාම් තෙල් ආනයනයකරුවෙකුට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
එහිදී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් “පිරමිඩ නම ඉස්සරහට දමාගෙන ආනයන ජාවාරමේ නියුක්ත මෙම සමාගම සතු ප්‍රධාන පෙළේ හෝටලයක් වියත් මග සංවිධානයට සම්මන්ත්‍රණ සඳහා නොමිළේ ලබා දීම මගින් ආණ්ඩුවට ලංවී සිටින මෙම ව්‍යාපාරිකයා අද ආණ්ඩුව බරපතල අර්බූදයකට තල්ලු කර තිබෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහට කළ දේ තමයි අද ඔහු මේ ආණ්ඩුවට කරල තියෙන්නේ. සීනි බදු වංචාව නිසා රජයට සිදුවූ පාඩුව වන රුපියල් මිලියන 150000න් 40%ක් ලැබුනේ ඔහුට. මීට පෙර පොල් තෙල් ආනයනය සඳහා ගෙවිය යුතු බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 170කින් අඩු කිරීම නිසා ඔහුට ලැබුණු ලාභය මිලියන 20,000 ක්” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...