බැඳුම්කර වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්ත වගේම සීනි බදු වංචාවට සම්බන්ධ අයද හැකිනම් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටින බවත් එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත යුතු බවත් මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.
ඔහු සඳහන් කළේ එවකට මුදල් ඇමැති රවී කරුණානායක මහතා පමණක් නොව බැඳුම්කර වංචාවේ මහමොළකරු රනිල් වික්‍රමසිංහ ද අත්අඩංගුවට ගත යුතු බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම අද රටේ ගොඩගැසී ඇති අර්බුධ වසා ගැනීමට කළ උත්සාහයක් යැයි පැවසූ ඔහු බැඳුම්කර වංචාව මෙන්ම සීනි බදු වංචාව පිළිබඳව ද පරීක්ෂණ කළ යුතු බව පවසා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...