“එක රටක් එක නීතියක්” මැයෙන් ඊයේ (17) දින රාත්‍රී දෙරණ නාලිකාවේ පැවැති සංවාදයකට එක්වෙමින්; බුර්කාව මුස්ලිම් අය ඉලක්ක කර ගෙන සිදු කිරීමට වැරදි බවත් එලෙස නීතියක් ක්‍රියාත්මක වෙනවානම් එය පොදු නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් එය ජනවර්ගයකට සීමා නොවිය යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පැවසීය.
එම වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා මුස්ලිම් නීතිය, උඩරට නීතිය, තේසවලාමේ නීතිය සම්බන්ධයෙන් විග්‍රහයක් ඉදිරිපත් කළේය.
ක්‍රිස්තු පූර්ව 423 – 352 දක්වා ග්‍රීසියේ ජීවත්වූ ප්ලේටෝ නම් දාර්ශනිකයා විසින් රචිත “ෆිලෝසොෆි කිංග්” (දර්ශනාධිරාජ්‍යය) ග්‍රන්ථයේ කරුණක් ගෙනහැර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම ග්‍රන්ථයෙහි ප්ලේටෝ විසින් නීතිය පිලිබඳව ලියනලද කාරනා තුනක් පිළිබඳවයි.
“මේ කියන කාරණයට මෙතුමා එකඟ වෙයි මෙතුමිය එකඟ වෙන්නේ නැති වෙයි ඔබ එකඟ වෙන්නේ නැති වෙයි” කියා අජිත් රෝහණ මහතා අදහස් දැක්වීය.
1. ඔබ යම්කිසි රටක පවතින නීතියට අකමැතිනම් ඔබ කළ යුත්තේ එම නීතිය වෙනස් කිරීමට සටන් කිරීමයි.
2. ඔබ එසේ සටන් කිරීමෙන් එම නීතිය වෙනස් කිරීමට නොහැකි නම් ඔබ කළයුත්තේ ඔබ කැමති නීතියක් තිබෙන රටකට ගොස් ජීවත් වීමයි.
3. මුලින් සඳහන් කළ කාරනා දෙකම සපුරා ගැනීමට ඔබ අසමත් වේ නම් තම රටෙහි පවතින නීතිය පිළිගෙන එයට අනුගතවී ජීවත් වීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...