දේශීය පුවත්

එළැඹෙන ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයා කවුදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තීරණය කරනු ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා තීරණයක් ගත් පසු තමන්ද තීරණයක් ගැනීමට සූදානම් යයිද ඒ මහතා පවසයි.

කුමන තීරණයක් ගත්තද තම පවුල ඉතා සාමදානයෙන් කටයුතු කරන පවුලක් බවත් මහින්ද රාජපක්‍ෂ මහතා දෙන තීරණය අනුව රට වෙනුවෙන් පවුලේ සියළු දෙනා එක්ව කටයුතු කරන බවද ඔහු කීය.

ගොඩකවෙලදී පැවති උත්සව සභාවක් අවසානයේදී මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්න සදහා පිලිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේදැයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගෙන්ද මාධ්‍යවේදීන් කොළඹදී පැවති වැඩසටහනකින් පසුව විමසීය.

ඒ මහතා කියා සිටියේ එවන් අදහසක් නැති බවත් මහින්ද රාජපක්‍ෂ මහතා අවශ්‍ය මොහොත්දී ඒ ගැන තීන්දු කරනු ඇති බවත්ය.

ජනාධිපතිවරණය ගැන කතාකිරීමට පෙර පැවැත්විය යුතු පළාත් සභා මැතිවණය පවත්වන ලෙසද ඔහු ආණ්ඩුවට කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More